ජනාධිපතිවරණයේදී මහින්දට සැබැවන්ම අභියෝග කළ හැකි විපක්ෂ පොදු අපේක්ෂකයෙක්

(2009 ජුලි 14) මීළඟ ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂට අභියෝග කළ හැකි පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම කෙරෙහි විපක්ෂ‍ දේශපාලන පක්ෂවල අවධානය යොමු වී තිබෙන බව වාර්තා වේ. 

එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහි යුද්ධයේදී ත්‍රිවිධ හමුදා අණදෙන නිලධාරිවරයා ලෙස සපයන ලද දේශපාලන නායකත්වය බලය රැක ගැනීම සඳහා අලෙවි කරන ජනාධිපති මහින්ද රාජපක්ෂට අභියෝග කළ හැක්කේ යුද්ධයේදී සුපිරි භූමිකාවක් රඟ දැක්වූ අයෙකුට පමණකි ය යන මතය තහවුරු වෙමින් තිබෙන අතර, එවැනි අපේක්ෂකයකු ඡන්දයට ඉදිරිපත් කිරීම සඳහා ප්‍රබල උත්සාහයක් දියත් වන බව සැළයි. 

පසුගිය සමයේ ‍ලංකාවේ දේශපාලනයේ රජුන් තනන්නා වූ පක්ෂයක් මේ සඳහා මුල පුරා ඇති බවද, ප්‍රධාන විරුද්ධ පක්ෂයේ අනුග්‍රහයද මෙම ව්‍යායාමයට ලැබෙන බවද තතු දත් ආරංචි මාර්ග පවසයි. මෙම වාම පක්ෂයට දැන් හොඳ ඡන්ද පදනමක් නැතිමුත්, ලංකාවේ ජන විඥානය හැඩගැස්වීමේ මනා හැකියාවක්, පළපුරුද්දක් හා ඒ සඳහා අවශ්‍ය සංවිධාන ශක්තිය මෙම පක්ෂයට ඇති බවට පිළිගැනීමක් තිබේ. 

ජනාධිපතිවරයා දැනටමත් මහමැතිවරණයට පෙර ජනාධිපතිවරණය පවත්වන බවට ඉඟි කර තිබේ. ඒ අනුව මෙම වසරේ අවසානයේදී හෝ ලබන වසරේ මුල ජනාධිපතිවරණය පැවැත්වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා