චීන ලයින් එක ගැන ලංකාවේ වාමාංශික පක්ෂයකට පුහුණුවක්

(2009 ජුලි 15) චීනයේ කලාපීය දේශපාලන උපායමාර්ගය ලංකාව තුළ ක්‍රියාත්මක කිරිම සඳහා උපදෙස් ලබාගැනීම පිණිස එක්තරා වාමාංශික දේශපාලන පක්ෂයක නායකයන් පිරිසක් දැන් එරට දස දින අධ්‍යයන චාරිකාවක යෙදී සිටින බව වාර්තා වේ.


ලංකාවේ රජය චීන කලාපීය දේශපාලන උපාය මාර්ගය තුළ රඳවා ගැනීම සඳහා බලපෑම් කණ්ඩායමක් ලෙස පිටතින් හිඳිමින් කටයුතු කරන්නේ කෙසේද යන්න හා ඉන්දියාවට එරෙහිව මතවාදීමය අරගළයක් ලංකාව තුළ කරන්නේ කෙසේද යන්න පිළිබඳව චීන දේශපාලන බලධාරීන් මොවුන්ට උපදෙස් දෙනු ඇති බව නිල නොලත් ආරංචි මාර්ග පවසයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා