ශ්‍රී ලංකා යුද හමුදාවට දෙමළ වාර්ගික ඒකකයක්

ලංකාවේ හමුදාවේ අති බහුතරයක් සාමාජිකයන් සිංහල වුවත්, එය ශ්‍රී ලංකා හමුදාව ලෙස මිස සිංහල හමුදාව ලෙස වාර්ගික අනන්‍යතාවකින් මෙතෙක් හඳුන්වනු ලැබුවේ නැත. එහෙත් රජයේ ජාතික ඒකාබද්ධතා ඇමති වන කොටි සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායක කරුණා අම්මාන් පවසන පරිදි ළඟදීම හමුදාවට දෙමළ රෙජිමේන්තුවක් එක් වනු ඇත.මෙය අප දන්නා පරිදි ලංකාවේ හමුදා ඒකකයකට වාර්ගික අනන්‍යතාවක් ලබා දෙන පළමු අවස්ථාවයි.



කරුණා අම්මාන් සමග සිට රජයේ අතුරු හමුදා බවට පත් වූ හිටපු කැරැළිකරුවන් 900ක් ‍යුද හමුදාවට බඳවාගැනීම මේ දිනවල සිදුවෙමින් ඇති බවද, 600ක් දැනටමත් බැඳී අවසන් බවද කරුණා අම්මාන් මාධ්‍යවලට කීවේය. 


මීට කලින්ද හමුදාවට වතුතරයෙන් හා මුස්ලිම් ජනයා අතරින් පිරිස් සුවිශේෂ කොට බඳවා ගනු ලැබූමුත් වෙනම හමුදා ඒකක එකී වාර්ගික කණ්ඩායම් නමින් ගොඩනඟනු ලැබුවේ නැත.
Reblog this post [with Zemanta]

Comments

  1. මේක ගැන මගෙ නම් පැහැදීමක් නෑ. ඒකට හේතුව මම ද්‍රවිඩ ජනතාවගේ අය්තීන් වලට විරුද්ධ වීම කියලා කවුරුන් හෝ කියනවානම් මම එකඟ වෙන්නේ නෑ. රටක වාර්ගිකත්ත්වයෙන් හරි කුලයෙන් හරි බෙදුනු හමුදාවක් ඉන්න එක අර්බුධයක් කියලයි මම හිතන්නේ.නමුත් එහෙම මිශ්‍ර හමුදාවක හමුදාපති ඕනෑම ජන වර්ගයකට අය්ති උනාට කමක් නෑ . මේක ලංකවේ තියෙන අර්බුදයට විසඳුමක් නෙවෙයි. මේක ඒ තියෙන අර්බුධයම තවත් දිගට පවත්වාගෙන යන්න නම් හොඳයි. තවම කරුණා ලොකු වෙලා නෑ. කරුණා අම්මාන් ලොකු මදි ,ප්‍රශ්න තෙරුම් ගන්න. නැත්තං මම ලොකු මදි.

    සර්පයාව නැට්ටෙන් ඇල්ලුවොත් ඌ දෂ්ට කරයි. උගේ ඔලුවෙන්ම අල්ල ගන්න ඔනේ. වාර්ගික(?) අර්බුදයත් එහෙම්මම තමා. අපි එකතු වෙලා හරි කොණින් අල්ලා ගන්න ඔනේ.

    ReplyDelete
  2. සිංහල දේශපාලඥයින් දෙමළ ප්රහ්නය හරහා තම උපක්රමශීලී මැදිහත්වීම ඇති කරනු ලබන අවස්තාවකි. මෙහි ගැටළුව මතු වන්නේ දෙමල අනෙක් කොටස් වලටය. උපක්රමයක් වහයෙන් සංහල ධනපති දේශපාලඥයින් විසින් තීරණය කරන ලද සාර්ථක උපක්රමයකි.

    මෙහි බලපෑම භයානකව නැවත දෙමල මිනිසුන් විෂයෙහි ඇති කරනු ලබන දිනයක්ද ඉදිරියෙහිදී එනු ඇත.

    යුද්ධය අවසන් නැත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා