ඉහළ මිලිටරි තලයේ පෙරළිකාර වෙනසක්

(2009 ජුලි 13) සිය කළමනාකරණ දක්ෂතාව ප්‍රදර්ශනය කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මිලිටරි ඉහළ තලයේ තනතුරු රැඩිකල් ලෙස වෙනස් කර තිබේ. 


ජුලි 15දා සිට බලපැවැත්වෙන පරිදි හමුදාපති සරත් ෆොන්සේකා වැඩි බලතල සහිත නව ආරක්ෂක කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස පත් කර ඇති අතර නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ජනාධිපති ආරක්ෂක උපදේශක නම් නව තනතුරක පිහිටුවා ඇත. මෙම තනතුරු දෙකෙහි බලතල සමගාමී නොවන අන්දමින් මෙම පත්වීම් සිදු කර තිබේ. යුද හා නාවික හමුදාපතිවරු එල්.ටී.ටී.ඊ. සංවිධානය පැරදවීමේ යුද්ධයේදී විශාල මෙහෙයක් කළහ. ඇතැම් ජනමාධ්‍ය විසින් ජයග්‍රහණයේ ගෞරවයේ ප්‍රතිශතය පිළිබඳ කාරණා ඉස්මතු කරමින් යම් මතභේදාත්මක තත්වයක් ිර්මානය කරන ලදී. 


හිටපු යුද හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි අද උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්නේය. 2006-2008 වකවානුවේ යාපනයේ අණදෙන නිලධාරිවරය‍ා ලෙස කටයුතු කළ හේ 2009 අප්‍රේල් මස සිට උතුරේ අවතැන් වූවන් පිළිබඳ බලය ලත් නිලධාරිවරයා විය. මේජර් ජනරාල් ජගත් ජයසූරිය යුද හමුදාපති ලෙස පත් වේ. 


නව නාවික හමුදාපතිවරයා වන්නේ රියර් අද්මිරාල් තිසර සමරසිංහයි. 


හිටපු උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වූ ඩික්සන් දෑල මාලදිවයිනේ තානාපති ලෙස පත් කර තිබේ.








Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා