සන්ඩේ ලීඩර් නඩුවේ නීතිඥයන් ද්‍රෝහීන් ලෙස නම් කිරීම පිළිබඳ දෙස් විදෙස් විරෝධය

(2009 ජුලි 14)  සන්ඩේ ලීඩර් පුවත්පත හා සම්බන්ධ අපහාස නඩුවකට පෙනී සිටින නීතිඥයන් පස්දෙනෙක් ද්‍රෝහීන් ලෙස නම් කරන ලිපියක් ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවියේ පළ කිරීම පිළිබඳ ජාත්‍යන්තර ජනමාධ්‍යකරුවන්ගේ සම්මේලනය සිය කම්පනය ප්‍රකාශ කරයි. 

"කළු කෝට්කාර ද්‍රෝහීහු එක් වෙති" යන අරුත දෙන සිරස්තලයක් සහිතව පළ වී තිබෙන මෙම ලිපියෙහි ගල්කිස්ස උසාවියේ විභාග වන අදාළ නඩුවෙහිදී සන්ඩේ ලීඩර් පුවත්පත වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් පස්දෙනා එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදීන් වෙනුවෙන් පෙනී සිටි හා ඔවුන් ආරක්ෂා කළ ඉතිහාසයක් ඇති අය ලෙස නම් කර ඇති අතර නීතිඥයන් තිදෙනෙකුගේ ඡායාරූප ද පළ කර තිබේ. එම නීතිඥවරුන් වන්නේ එකී කීර්තිමත් නීතිඥවරුන් වන උපුල් ජයසූරිය, ශ්‍රීනාත් පෙරේරා සහ එස් සුමන්තිරන් ය.


මෙවැනි ආකාරයෙන් පුද්ගලයන් එල්.ටී.ටී.ඊ. හිතෛෂීන් ලෙස නම් කිරීම ඔවුන්ට එරෙහි ශාරීරික ප්‍රහාර ඇති කිරීමට හේතු වී තිබෙන බව මෑත කාලයේදී නිරීක්ෂණවලින් පෙනෙන බව
ජාත්‍යන්තර ජනමාධ්‍යකරුවන්ගේ සම්මේලනයේ මහලේකම් අයිඩන් වයිට් පවසයි. 

මෙම ලිපිය මගින් ප්‍රකාශිත හැඟීම ප්‍රතික්ෂේප කරන ලෙස හා එම ලිපිය ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියෙන් ඉවත් කරන ලෙස ඔහු ජනාධිපතිගෙන් ඉල්ලා සිටියි. 



මෙම ක්‍රියාව නීතිඥවරුන්ට හා නීති වෘත්තියට අපහාසයක් බැවින් එකී ලිපිය වහා ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය පසුගියදා ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.




Reblog this post [with Zemanta]

Comments

  1. නීතින්‍ය ව්ර්‍තියේදී, තම සේවා දායකයා ත්‍රස්තවාදියකු වුවත් ඔහුව ප්‍රතික්ශේප කරීමට නොහැකිය. ඒ බ්ව නිතීන්‍ය ව්ර්‍ති ආචාර දර්ම පද්දතියෙහි දක්වා ඇති නමුදු, තම හදවතට එකග නොවන අවස්තාවන් හිදී සුදුසු ආකාරයටම ප්‍රතිකිශේප කිරීමට හැකියාව ඇත.

    අඹෙපිටිය විනිසුරු ඝාතන සැකකරු වු පොට්ට් නවුෆර් වෙනුවෙන් අවසාන මොහොත දක්වාම කිසිවෙකුත් ඉදිරිපත් නොවීමෙන් මෙය මනාව පැහැදිලිවේ.

    මුදලට ඇති තන්හාව් හෙතුවෙන් රට ජාතිය පාවාදීම අනුමත කල නොහැක්කකි. ආචාර දරම කෙසේවෙතත් එය සදාචාරය අතින් වැරදි ක්‍රියාවකි..
    සන්ඩේ ලීඩර් පුවත්පත සමග කොටි ත්‍රස්තවාදීන්ට තිබූ සම්බන්දය තේරුම්ගැනීමට එය කියවන්නෙකුට අපහසු නැත.

    කවුරුන් කෙසේ කීවද නීතින්‍ය වරුන් පෙනීසිටම ඒ ආකාරයටම සිදුවී ඇති නමුත්, පුවත්වතෙහි සදාචාරය පිලිබද තීරනය ජනතාව සතුය..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා