නොමිලේ මෝටර් රථයක් ලබාගන්නා ආකාරය මෙන්න

(2009 ජුලි 08) අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු රාජකාරි කටයුතු සඳහා කුලී පදනම මත ලබාගත් මෝටර් රථ හැත්තෑනවයක්‌ සඳහා රුපියල් එක්‌කෝටි විසිතුන්ලක්‍ෂ පනස්‌එක්‌දහස්‌ අටසිය අනූහයක පරිපූරක මුදලක්‌ ලබා ගැනීම සඳහා වූ යෝජනාවක් ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (07 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

අධිකරණ හා නීති ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශය සඳහා මෝටර් රථ දහයක්‌, අධිකරණ පරිපාලනය සඳහා මෝටර් රථ 69 ක්‌ වෙනුවෙන් කුලී ගෙවීම සඳහා මෙම මුදල් අවශ්‍ය බව එම යෝජනාවේ සඳහන් විය.

අප මෙම කියන දෙය එකී යෝජනාවට කෙතරම් අදාළදැයි ඔබ තීරණය කරන්න. ඔබ ඉහළ රජයේ නිලධාරියකු නම් නොමිළේ වාහනයක් ලබාගෙන එය පාවිච්චි කරන ගමන් ඔබට ලාභ ලබා ගත හැකි ආකාරයක් තිබේ. ඒ මෙසේය:


  1. වාහනයක් අන් අයෙකුගේ නමට ලීසිං කර මිළ දී ගන්න 
  2. එය ඔබේ පාවිච්චිය සඳහා කුලී පදනම මත ලබා ගන්න

  3. ඔබේ පාවිච්චිය වෙනුවෙන් ඔබේ වාහනයට ගෙවන කුලියෙන් ලීසිං වාරිකය ගෙවන්න

  4. ලීසිං මුදල නිකම් ම ගෙවී යයි. අතට ගානකුත් ලැබේ. වාහනයත් අයිති වේ. අත්දුටුයි: ප්‍රත්‍යක්ෂයි. 
  5. අත්දැකීම් සහිත අයගෙන් අහන්න.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා