යුද්ධයෙන් පස්සේ ඉඩම් කොල්ලයක්


(2009 ජුලි 24, W3Lanka) කොටි සංවිධානයත් සමග හමුදා සටන් අවසන් වීමත් සමග ලංකාවේ ඊසානදිග ප්‍රදේශවල ඉඩම් කොල්ලයක් ආරම්භ වී තිබෙන බව වාර්තා වේ. 

පදවි ජනපදයට නැගෙනහිර දෙසින් ‍කෝකිලායි කලපුව දක්වා ඇති හිස් බිම් තීරයේ මෙම ඉඩම් කොල්ලය සිදු වන අතර, ‍පදවි ජනපදයේ ‍ඇතැම් ධනවත් පුද්ගලයෝ ඉඩම් බුල්ඩෝසර් කර අක්කර 10, 20 අල්ලා වැටකොටු බඳිමින් සිටින බව ප්‍රදේශයෙන් වාර්තා වේ. 


මෙම කරුණ පිළිබඳව අප පදවි-ශ්‍රීපුර ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් විමසූ විට ඔහු කීවේ මෙම ප්‍රදේශය අයත් වන්නේ සම්පත්නුවර සහකාර ප්‍රාදේශීය ලේකම්වරයාට බවයි. ඔහුගෙන් විමසූ විට පැවසුවේ මේ පිළිබඳව මහවැලි එල් කලාපයේ නේවාසික ව්‍යාපෘති කළමනාකාරවරයාලෙන් විමසන ලෙසයි.


වැලිඔය මහවැලි නේවාසික ව්‍යාපෘති කළමනාකාර පී.ජී. දයානන්ද එවැනි ඉඩම් කොල්ලයක් සිදු වන්නේ ය යන කාරණය ප්‍රතික්ෂේප කරයි. ඔහු පවසන්නේ කෘෂි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් රජයේ ඉඩම් මාස් කන්නයේ වගා කිරීම සඳහා ප්‍රදේශවාසීන්ට අවසර දී ඇති බවයි. ඒ අනුව වැලිඔය ව්‍යාපාරයේ පදිංචිකරුවන්ට අක්කරයකට රු. 750 බැගින් ද පිටස්තර පුද්ගලයන්ට අක්කරයකට රු. 1000 බැගින්ද බද්දක් මත උපරිමය අක්කර පහක් වනතෙක් මාස් කන්නයේ පමණක් ඉඩම් වගා කළ හැකි අතර, ගිවිසුම අනුව ඔවුන්ට මෙම ඉඩම් සඳහා අයිතිවාසිකම් කීමට කිසිදු පදනමක් මෙමගින් ඇති වන්නේ නැත.



එහෙත් අපගේ නිරීක්ෂණවලදී දක්නට ලැබුණේ ප්‍රදේශයේ සිදු වන ඉඩම් අත්පත් කරගැනීම පාලනයකින් තොර බවයි. මහවැලි අධිකාරිය විසින් වගා කිරීම සඳහා අවසර දී තිබෙන වගා කටයුතු පවා නිසි අධීක්ෂණයකට ලක් නොවන බවද දක්නට ලැබිණි. 


(සිතියම: මහවැලි අධිකාරිය)

Comments

  1. මහින්ද චින්තනයට ජයවේවා. ජනතාවට කෙලවේවා. හොර තක්කඩින්ට රටම දීල මිනිස්සුන්ට පුලුවන් ජාතික කොඩිය කාල ජාතික ගීය බීල මුහුදට පනින්න. කමක් නෑ කිරිබත් කාල රතිඤ්ඤා පත්තු කරල සැමරුවේ මේක නම් නියමයි. කතා කලොත් නඩු. කතා නො‍කලොත් බඩු. කොහොමත් මිනිස්සුන්ට ඉතිරි වෙලා තියෙන්නේ මැරෙන එක විතරයි.

    ReplyDelete
  2. අපගේ නිරීක්ෂණ කිවුවේ කාගේ නිරීක්ෂණ ද? අපට සාක්කි පෙන්නන්න පුළුවන්ද?

    ReplyDelete
  3. අපගේ නිරීක්ෂණ කිව්වේ W3Lanka කණ්ඩායමේ ඒවායි. පදවිය, වැලිඔය ප්‍රදේශයට ගොස් මේ පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකියි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා