වනිතා කටයුතු ඇමතිනියගේ දිස්ත්‍රික්කයේ සන්ධාන ලැයිස්තුවේ පිරිමි විතරයි


(2009 ජුලි 23 - W3Lanka) පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට තිස්තුනක් විය යුතු බවට අදහස් පළ කර ඇති වනිතා කටයුතු ඇමැතිනී සුමේධා ජී. ජයසේනට තමන් නියෝජනය කරන මොනරාගල දිස්ති‍්‍රක්කයෙන් ඌව පළාත් සභා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එකම කාන්තාවක් ඉදිරිපත් හෝ ඉදිරිපත් කිරීමට අමතක වී ඇති බව එක්සත් සමාජවාදී පක්ෂයේ මොනරාගල දිස්ති‍්‍රක් කණ්ඩායම් නායක සුනිල් අලුත්ගොඩ පෙන්වා දෙයි.


ඒ වෙනුවට වනිතා කටයුතු ඇමතිනිය කර තිබෙන්නේ තම ඥාතීන් දෙතුන්දෙනෙකුම මොනරාගල දිස්ත්‍රික්කයේ සන්ධාන ලැයිස්තුවෙන් ඉදිරිපත් කිරීමයි. 

තවත් විශේෂත්වයක් වන්නේ කාන්තා අයිතිවාසිකම් ගැන ප්‍රගතිශීලී අදහස් ඉදිරිපත් කර තිබෙන එක්සත් ජාතික පක්ෂය හෝ කාන්තාවට සම තැන පිළිගන්නා මාක්ස්වාදී පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ හෝ තම ලැයිස්තුවල කාන්තාවන් ඇතුළත් කර නොතිබීමයි.


එක්සත් සමාජවාදී පක්ෂය පමණක් දෙමළ මුස්ලිම් අපේක්ෂයකින් දෙදෙනෙකු හා කාන්තාවන් පස් දෙනෙකුගෙන් සමන්විත ප‍්‍රබල කණ්ඩායමක් ඉදිරිපත් කැර ඇතැයි සුනිල් අලුත්ගොඩ මහතා පවසයි.

මේ වන විට පළාත් සභා සියල්ල පක්ෂ-විපක්ෂ දේශපාලකයන්ගේ පුතුන්ට කරළියට ඒමට පියගැටපෙළ බවට පත් වී තිබේ. කැබිනට් ඇමතිවරුන් තිදෙනෙකුගේ පුතුන් තිදෙනෙක්, ඥාති පුතෙක් හා හිටපු මන්තී‍්‍රවරයෙකුගේ පුතෙක් සන්ධානයෙන් තරග කරන අතර මේ පුතුන් දිනවීම සඳහා ඔවුන්ගේ ආදරණීය තාත්තලා තමන්ගේ අමාත්‍යාංශ, හිතවතුන් ඇතුළු සියලු සම්පත් යොදවා ඇත.

Comments

  1. ලංකාවේ ගෑනුන්ට ඔය පිරිමින්ටවගේ බයීලා ගගහා ඉන්න වෙලාවක් නැහැ. අම්බානට වැඩ. කොටහක් මැද පෙරදිග. කොටහක් ෆැක්ටරියේ. අනෙක් කොටහා ලමයී ආම්බාන් කොරන ගමන් වත්තෙ පිටියෙ කුබුරෙ වැඩ. දෙශපාලනේට වෙලාව කොයී.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා