ලංකාවට ඉන්දියාවෙන් උගත හැකි පාඩම නම් භාෂා ආගමික භේදයකින් තොරව සෑම ඉන්දියානු පුරවැසියකුම සමාන වීමයි - රාමචන්ද්‍ර ගුහා

(ජුලි 05, 2009) එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව අත් කර ගත් ජයග්‍රහණය සමග ජයෙන් පිනා ගිය තත්වයකට පැමිණීම ශ්‍රී ලංකාවට විපත්තිදායක බවද, මෙය ප්‍රජාතන්ත්‍රවාදයට හා බහුත්වවාදයට අවස්ථාවක් දීමට කාලය බවද ඉන්දියාවේ බැංගලෝර්වාසී කීර්තිමත් ඉතිහාසඥයකු හා චරිතාපදාන රචකයකු වන රාමඩන්ද්‍ර ගුහා පවසයි.

ලන්ඩනයේදී 2009 වසරේ නේරු අනුස්මරණ දේශනය "දකුණු ආසියාවේ සහ ඉන් ඔබ්බෙහි ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රඩණ්ඩත්වය" මැයෙන් පවත්වමින්, ජම්මු හා කාශ්මීරයත් ශ්‍රී ලංකාවත් අතර සමානත්වය පෙන්වා දෙමින් ගුහා පවසන්නේ කාශ්මීරය ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදයට කළු පැල්ලමක් වන්නේ යම් සේ ද දෙමළ ජනයාට සලකන ආකාරය ලංකාවේ ප්‍රජාතනත්‍රවාදයේ අසාර්ථකත්වයේ සංඥාව බව පවසයි. භාෂාව, ඇඳුම හා විශ්වාසයන් විෂයෙහ් සංස්කෘතික බහුවිධභාවය ප්‍රජාතන්ත්‍රවාදයේ බැරෑරුම් කොටසක් බව ද, ලංකාවේ උතුරේ මැතිවරණ දූෂණවලට අමතරව, භාෂාව හා ආගම සම්බන්ධයෙන්ද වෙනස් කොට සැලකීම් ඇති බව ද ගුහා කීවේය.

1956දී සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කිරීමෙන් ඇරඹුණු සිංහලය සුපිරි තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය 1972දී බුද්ධාගම නිල ආගම බවට පත් කිරීමෙන් තීව්‍ර වූ බවද, එමගින් බෞද්ධයන් දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි හා හින්දු අයට වඩා ඉහළ තත්වයක තැබූ බවද ඔහු පැවසීය.

"භාෂාව සහ ආගම විෂයෙහි වෙනස් කොට සැලකීම තීව්‍ර කරමින් 1981දී දෙමළ සංස්කෘතියේ කොෂ්ඨාගාරය වූ යාපනය පුස්තකාලය ගිනි තබන ලදී. දෙවසරකට පසු පාලකයන්ගේ මෙහෙයවීමෙන් කොළඹ නගරයේ දෙමළ ජනයාට එරෙහි මහා හිංසනයක් සිදු විය."

ලංකාවේ දෙමළ ජනයා ද භයානක අත්වැරදි කර ඇති බව පෙන්වා දුන් රාමචන්ද්‍ර ගුහා කීවේ සෑම ප්‍රතිවාදී දෙමළ දේශපාලකයකුම ඝාතනය කළ ප්‍රභාකරන් දෙමළ ජනයාට විනාශය වෙත මග පෙන්වූ බව කීවේය.

ශ්‍රී ලංකාවට නූතන ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් උගත හැකි පාඩම නම් එහි ශ්‍රේෂ්ඨම ලක්ෂණය වන භාෂා ආගමික භේදයකින් තොරව සෑම ඉන්දියානු පුරවැසියකුම සමාන වීම බව ගුහා පැවසීය.






Reblog this post [with Zemanta]

Comments

  1. hmmm i thought the tigers set fire to jaffna library

    ReplyDelete
  2. ok y is Hindi india's official language? when it became the official language, only a small percentage was using it!!! and indian tamils opposed it

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා