ජනාධිපති මරණ දඬුවම ලැබූවන්ට සමාව දී නිදහස් කරද්දී අධිකරණ ඇමති එය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරයි

(2009 ජුලි 16) අධිකරණ ඇමති මිලින්ද මොරගොඩ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙහි ලා උනන්දුවකින් කටයුතු කරන බව වාර්තා‍ වේ.  මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කෙසේ වෙතත්, ඒ පිළිබඳ ප්‍රවෘත්තියක් මතු කර ගැනීම ප්‍රවෘත්ති හිඟ මෙම අවධියේදී ඇමතිවරයාට ජනමාධ්‍යවල වැජඹීමට අවස්ථාවක් ලබා දෙයි.


මේ වන විට මරණ දඬුවම නියම වූ පුද්ගලයන් 200ක් පමණ බන්ධනාගාරවල සිටිති. 



ලංකාවේ සිදු වන අපරාධ සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන්ගෙන් දඬුවම් ලබන්නේ සියයට හතරක් පමණ සුළු පිරිසකි. 

පසුගිය කාලයේ සිදු වූ දේශපාලන පසුබිමක් සහිත ඝාතන, පැහැරගෙන යාම්, හිංසන සහ කප්පම් ගැනීම් ආදිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සහ නඩු පවරා ඇත්තේ ඉතාම කලාතුරකිනි. මෙම අපරාධවලට සම්බන්ධ පුද්ගලයෝ නීතියෙන් බේරී නිදහස භුක්ති විඳිති. 



ඇතැම් දරුණු අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර විවිධ ආකාරයෙන් මරණයට පත් වීමද මේ වන විට සුලබ සිද්ධියකි.


ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින්නේ අධිකරණ ඇමති මිලින්ද මොරගොඩගේ ස්ථාවරයට සපුරා වෙනස් ස්ථාවරයක බව පෙනේ. සිය සැමියාගේ අනියම් භාර්යාව හා ඇගේ සේවිකාව මරාදැමීමේ චෝදනාවට වරදකරුව මරණ දඬුවමට ලක්ව සිටි මේරි ජුලියට් මොනිකා ප්‍රනාන්දු නම් වූ රජයේ වතු කළමනාකාර හා සංවර්ධන ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ භාර්යාව 2009 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. මෙම කාන්තාව 1991දී කරන ලද වරදට 2005දී තව තිදෙනෙකු සමග මරණ දඬුවමට ලක් කරනු ලැබ සිටි අතර මීට කලින් ජනාධිපතිවරයා ඇයගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට අඩු කර තිබිණි.


ඇය නිදහස් කිරීමත් සමග සමාන බරපතල අපරාධ කර තිබුණු තවත් කාන්තාවන් 12දෙනෙකු ද නිදහස් කරන ලදී. ඔවුන් අතර, ලංකාවට මත් කුඩු ගෙන ආ විදේශික ගැහැණු දෙදෙනෙක් ද වූහ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා