ලංකාවේ අන්තර්ජාල වාරණය ඉහළ යන ලකුණු


(2009 ජුලි 17) රජයට එරෙහිව 'මඩ ප්‍රහාර එල්ල කරන' වෙබ් අඩවි 'ඉබේම වැසී යන තත්ත්වයක් ඉදිරියේදී ඇතිවිය හැකි බව' ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කී බව අද දිනමිණ පුවත්පතේ ආරක්ෂක තොරතුරු වාර්තාකාරිනී විජයානි එදිරිසිංහ වාර්තා කරයි.


නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ උපදෙස් මත විශේෂ රහස් පොලිස් නිලධාරින් කණ්ඩායමක් විවිධ තාක්ෂණික ක‍්‍රම සොයා ගනිමින් මෙකී වෙබ් අඩවි හඳුනා ගැනීමේ පරීක්ෂණවලට ඊයේ සිට යොමු වී ඇති බව ද දිනමිණ පුවත් පවසයි.


රජයට එරෙහිව 'මඩ' ප්‍රහාර එල්ල කරන්නේ යයි රජය විසින් චෝදනා කරනු ලබන ලංකා නිව්ස් වෙබ් අඩවිය වෙත පසුගිය 11දා සිට ලංකාවේ පාඨකයන්ට පිවිසීමට නොහැකිය. එහෙත් රජය එවැනි බාධා කිරීමක් කර නොමැති බව ජනමාධ්‍ය ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ ටැමිල්නෙට් වෙබ් අඩවිය ද වසර තීපයක සිට මෙසේ බාධා කර ඇතිමුත් රජය ඒ සම්බන්ධ වගකීම ද භාර නොගනියි.


ලංකාවේ ප්‍රධානම අන්තර්ජාල සේවා සපයන්නා වන්නේ රජයට 51%ක කොටස් හිමිකාරිත්වයක් ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමයි. 


(ඉහත දැක්වෙන දේශ සීමා නැති මාධ්‍යවේදියෝ සංවිධානයේ අන්තර්ජාල වාරණ තත්ව සිතියමේ කළු පාටින් දැක්වෙන්නේ වාරණය කරන රටවල් ය. කොළ පාටින් දැක්වෙන රටවල් දැඩි පාලනයක් පවත්වාගෙන යයි. කහ පාටින් දැක්වෙන රටවල් සුළු වාරණයක් කරන අතර නිල් පාටින් දැක්වෙන රටවල් වාරණයක් නොකරයි)

Comments

  1. ලංකාවත් එහෙනම් චිනය වගේ වෙන්නයි යන්නේ

    ReplyDelete
  2. ඒ සිතියම බලපුවාම ‍තේරෙනවා මේ දේස සීමා නැති මාධ්‍යවේදියෝ
    කියන උන් අදින්නෙ කාටද කියලා.හොදට බලන්න. එක්සත් ජනපද‍ය කහ පාටෙන් ලකුණු කරලා තියෙන්නේ. එක්සත් ජනපද‍‍යේ හැම E MAIL ලිපියක්ම හැම දුරකථන ඇමතුමක්ම ඇතුලු බොහෝ අන්තර්ජාල කටයුතු රජය monitor කරනවා පරිගනක වැඩසටහනක් මගින්.එහෙව් රට කහ පාටයි. අපේ රට කොල පාටයි.නොදකින් විතරක් මුන්ගෙ මාධ්‍ය සදාචාරය

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා