මෙන්න පන්සලක ඇඩ් එකක්!

(ජුලි 21, 2009 - W3Lanka) ඇතැම් පන්සල් බුදු දහමට පටහැණි ව්‍යාපාරවල යෙදෙන්නේ අද ඊයේ සිට නොවේ. එහෙත්, පත්තරවල දැන්වීම් දමාගෙන අවිද්‍යා අන්ධකාරය අලෙවි කිරීම අලුත් ප්‍රවණතාවකි.


පහත පළ වන දැන්වීම එවැනි පළමු දැන්වීම නොවේ. මීට පෙරද ඇතැම් භික්ෂූහු රෝග සුව කිරීම්, යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් ආදිය ගැන පත්තරවල ඇඩ් දැමූහ. කුස්වල වෙද හාමුදුරුවෝ නමැති භික්ෂුව ඇඩ් දමන්නේ ඒවා ඇඩ් ලෙස නොපෙනෙන අන්දමින් පුවත්පතේ ලිපි ලෙස පෙනෙන සේ ය. මේවාට පන්සල් ද ඈඳාගෙන තිබේ. 


එහෙත්, මෙම දැන්වීම කෙළින්ම පන්සලක් පිළිබඳ දැන්වීමකි. මෙහෙම ගියොත් ඉදිරියේදී "දෙව් ලොව යන්න - අපේ පන්සලට එන්න" ආදී දැන්වීම් ජනමාධ්‍යවලින් ප්‍රචාරය වන දිනයකුත් ඒවි. ආගමික නායකයන්, දේශපාලක බෞද්ධයන් මේ ප්‍රවණතාව ගැන කියන්නේ කුමක්ද?

Comments

  1. රට බල්ලාට ගියා බල්ලා රට ගියා

    ReplyDelete
  2. වැඩේ කියන්නේ ඕකේ ජ්‍යෝතිෂය spelling හරිද? නැත්නම් මගේ වැරැද්දක්ද?

    ReplyDelete
  3. මොනාද ඔට්ටු, ඕකත් අර කෝපි කඩෙ පොඩි හාමුදුරුවන්ට හිටිය හොරාගෙ සෙල්ලමක්.

    ReplyDelete
  4. සැබෑ බෞද්ධයින් මේවට රැවටෙන්නෙ නෑ.

    ReplyDelete
  5. මේක නම් පිස්සුවක්. සැබෑ බුද්ධ ශාසනයට වින කරන මේ වගේ උන්ට යන්න වෙනම යම ලොවක් හදන්න ඕනෙ.
    මේක හරියට සාත්තර කියන තැනක් වගේනෙ.

    ReplyDelete
  6. මේ පංසල තියෙන්නේ ඩී කේ උදයසිරි ගෙ ගෙදර ඉස්සරහ. මේක ඇත්තටම පං සලක් සං පලක් අන්තිමට තිප්පොලක් කාගෙද වෙන කාගෙද? හොරුන්ගේ

    ReplyDelete
  7. බෞද්ධ දර්ශනයෙන් හික්මවනු ලැබූ ශ්‍රී ලාංකික ජනතාවම මේවා ඉවසනවා මිසක් . . . වෙන රටක මේ වගේ ආගම විකුනංකන අය ජීවත් උනා නම් . . . කෑලිත් නෑ . . . ! කුඩේ කුඩු . . !

    ReplyDelete
  8. ඕවට අහු වෙන මොඩයන්ට මුකුත් තේරුම් කරලා වැඩක් නෑ. ඕවට අහු වෙනවා නම් ඉතින් ඔරිජිනල් මෝඩයෙක් තමා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා