රජයේ රතු කුරුස භීතිකාව


(2009 ජුලි 12) ලංකාව ජාත්‍යන්තර රතු කුරුස කමිටුවට ලංකාවේ සිය මෙහෙයුම් අඩු කරන ලෙස කළ දැනුම් දීම අනුව එම සංවිධානය නැගෙනහිර පළාතේ කාර්යාල දෙකක් වසා දමා විදේශ කාර්ය මණ්ඩලය ඉවත් කරගත්තේය. 

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවට ඉවත් වන්නැයි ලංකාව කියන්නේ රටේ ගැටුම් දැන් අවසන් නිසාය. එහෙත්, අවතැන් කඳවුරුගත ජනයාගේ නිදහස සීමාකිරීම පිළිබඳ රජය කියන්නේ ඔවුන් අතර කොටි ත්‍රස්තවාදීන් සිටින නිසා ඔවුන් ආරක්ෂාවට තර්ජනයක් බවයි. හදිසි නීතිය දික් කරගැනීම සඳහාද රජය කියන්නේ මේ හා සමාන කතාය. ඍජු ගැටුම් අවසන් වුවත්, පශ්චාත් ගැටුම් සමයේ විවිධ අර්බුද කාලයක් තිස්සේ පැවතීම සාමාන්‍ය තත්වයකි.

පශ්චාත් ගැටුම් අවධියේ කාර්යයන් සඳහා ජාත්‍යන්තර රතු කුරුස කමිටුව වැනි මානුෂීය සංවිධානවල උපකාර බොහෝ රටවල් විසින් උපයෝගී කර ගනු ලැබේ. එහෙත්, ජාතිවාදයෙන් මත් වී සිටින ලංකාවේ බලධාරීන්ට බොහෝ බටහිර සංවිධාන පෙනෙන්නේ තම රට ගිල ගැනීමට එන කුමන්ත්‍රණකරුවන් ලෙසයි. එවැනි කුමන්ත්‍රණයක් ඇති බව පෙන්වීම එක් පැත්තකින් ජනතාව බියවද්දා සිය පාලනයට ඔවුන්ගේ සහයෝගය දිනා ගැනීමට පාලකයන්ට උපකාරී වේ. 


මෙම මානුෂීය සංවිධාන පිටුපස බටහිර දේශපාලන දැක්මෙහි බලපෑම තිබෙනමුත්, දියුණු රාජ්‍ය පාලකයෝ එම සංවිධාන සහ එකී බටහිර මතවාදයන් එකහෙළා බැහැර කිරීමට තරම් මුග්ධ නොවෙති. ලංකාවේ රාජ්‍ය පාලකයන් රතු කුරුසය ඇතුළු මානුෂීය සංවිධානවලටත්, බටහිර මතවාදයන්ට හා දේශපාලනයටත් බිය වන්නේ ඒවාට මුහුණ දීම සඳහා තමන්ට විකල්ප දැක්මක් හෝ අදහසක් නැති බැවිනි.
අනෙක් කරුණ වන්නේ දියුණු මානුෂීය නීති ඉදිරියේ සිය කටයුතු නිසා ඇති වන වරදකාරිත්වයයි. ඔවුන් දන්නා දෙය වන්නේ ඒවායින් ඈත් වීමේ සංරක්ෂණ ප්‍රයෝගයයි. 

සැබෑ සිංහලයන් විසින් කළ යුතුව තිබෙන්නේ මේවාට බිය වීම නොව විකල්ප දෘෂ්ඨිවාදයන් සංවර්ධනය කරගැනීම සහ මෙවැනි ජාත්‍යන්තර බලවේග සමග ගැටුම් ඇති කර නොගෙන ඒවා කළමනාකරණය කරගැනීමයි.

Comments

  1. ඔය කියන මානුෂීය සංවිධාන අපිට උදව් කරා වගේම කොටින්වත් පෝෂණය කලා.. ඔය කව්රුවත් අපිට ආදරේකට ආපු අය නෙමෙයි.. ඇයි එයාල නැතුව අපිට නැගී සිටින්න බැරිද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා