අවතැන් කඳවුරුවල තත්වය නිව්යෝක් ටයිම්ස් විවේචනයට ලක් වෙයි

(2009 ජුලි 11) රජය අවතැන් කඳවුරුගත වූ ජනයා රැක බලා ගන්නා බව කීවද, ඒ වෙනුවට ඔවුන් සතුන් ලෙස සිර කර ඇති බවද, ඔවුන් නිදහස් කරනු ලබන දිනයක් නිශ්චිත නොමැති බවද, මේ ඔස්සේ අනාගතයේ තවත් අර්බුදයක් කැඳවමින් තිබෙන බවද දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී නිව්යෝක් ටයිම්ස් පුවත්පතට පවසයි. 

ආනන්ද සංගරී යනු රජයේ කොටි විරෝධී යුද්ධයට පූර්ණ අනුග්‍රහය පළ කළ දෙමළ දේශපාලනයෙකි. 

නිව්යෝක් ටයිමිස් පුවත්පතෙහි ජුලි 10 දින ලංකාව පිළිබඳ පළ වූ වාර්තාවෙහි මෙසේද සඳහන් වේ. "තමන් කොටින්ගෙන් බේරාගැනීම පිළිබඳව බොහෝ කඳවුරුවාසීන් රජයට කෘතඥ වනමුත්, සංහිඳියාව ඇති කිරීම හා දෙමළ සහ වෙනත් සුළුතර ප්‍රජාවන්ගේ දුක්ගැනවිලිවලට දෙශපාලන විසඳුමක් සෙවීම කල් යන බව පැහැදිලි වීමත් සමගම කලකිරීම හා කෝපය මෝදු වෙමින් තිබේ." 

එහෙත් මෙම කඳවුරු දිගු කලක් තිස්සේ සඟවා තබා ගන්නා විට කෑම, ඉඳුම්-හිටුම් හා ආදී දේ සඳහා අවශ්‍ය ඩොලර් මිලියන් ගණන් සඳහා විදේශ සහාය දිගටම ලබාගැනීමට ලංකාවේ රජය අසමත් වනු ඇති බව පුවත්පත පවසයි. "අප දිගටම උදව් කළහොත් අප මෙම මිනිසුන්ගේ ‍ජේලර්වරුන් වනු ඇත,"යි එක් තානාපතිවරයකු කී බව වාර්තාවේ සඳහන් වේ.


Comments

  1. ආනන්දසංගරී ගොනෙක් වගේ ප්‍රකාශ නිකුත් කර කර ඉන්නවට වඩා මේ මිනිස්සුන්ට උදවු කරන්න කියලා ජාත්‍යන්තරයෙන් ඉල්ලුවා නම් නේද් ඇත්තටම අගය තියෙන්නේ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා