පැරණි වමේ අවසන් ජීවමාන පහන නිවී යයි

 (2009 ජුලි 07) මුල් කාලීන වාමාංශික ව්‍යාපාරයේ කැපී පෙනුණු නායිකාවක හා ඉන්දියාවේ වෘත්තීය සමිති නායකයකු වූ එස්. සී. සී. ඇන්තනි පිල්ලෛගේ බිරිඳ වූ කැරොලින් ඇන්තනි පිල්ලෛ හෙවත් කැරොලින් රූපසිංහ ගුණවර්ධන (උපත 1908 ඔක්තෝබර් 08) අවුරුදු 101ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වූවාය. 

ජීවිතයෙන් වැඩි කාලයක් ඉන්දියාවේ සිටි ඇය 2000දී සිය ස්වාමියාගේ අභාවයෙන් පසු ලංකාවට පැමිණියාය. නැසී ගිය වාම නායකයන් වූ පිලිප්, හැරී හා රොබට් ගුණවර්ධන ඇගේ සොයුරෝ වූහ. 


1936දී ලංකා සමසමාජ පක්ෂයට බැඳුණු ඇන්තනි පිල්ලෛ හොඳ වෘත්තීය සමිති නායකයකු කිරීම පිණිස ඔහුට සිංහල ඉගැන්වීම පක්ෂය විසින් කැරොලින්ට පැවරුණු අතර ඔහුට වඩා සය වසකින් වැඩිමහළු ඇය පසුව ඔහුගේ බිරිඳ වූවාය. කල් ගත වන විට ඇය විප්ලවවාදිනියකට වඩා ඇන්තනි හෙවත් ටෝනි අයියාගේ උදව්කාරියක වූ බව එස්. මුත්තයියා 'ද හින්දු' පුවත්පතට ලියූ ලිපියක පවසයි. 

වතු පාලකයන්ගේද, රජයේද කරදර මැද උඩරට වතු කම්කරුවන් සංවිධානය කිරීමේ කාර්යයේ යෙදී සිටි මෙම යුවලට දෙවන ලෝක යුද සමයේ පාලකයන් සමසමාජ නායකයන් හඹා එද්දී ඉන්දීය බෝල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂයේ උදව්වෙන් මදුරෛහි සඟවී සිටීමට සිදු විය. 1947දී අත්අඩංගුවට ගන්නා ලද ඇන්තනි පිල්ලෛ කැරැළි ඇති කරවන පත්‍රිකා ළඟ තබාගැනීමේ වරදට දෙවසරකට බරපතළ වැඩ ඇතිව සිරගත කරන ලදී. 

1946 ජුනි 06 දින මදුරාසි කම්කරු සංගමයේ සභාපති පදවියට තේරී පත් වූ පිල්ලෛ එතැන් සිට ශීඝ්‍රයෙන් ඉන්දියාවේ ප්‍රමුඛ වෘත්තීය සමිති නායකයකු බවට පත් විය. 


2009 පෙබරවාරි 23 'ද හින්දු' පුවත්පතට ලිපියක් ලියමින් එස්. මුත්තයියා පවසන්නේ ජීවිතයේ පසු කාලයේදී ඔහු වර්ජනවලට වඩා සාකච්ඡා කෙරෙහිද, මුල්‍යමය වශයෙන් වැඩි ඉල්ලීම් ඉදිරිපත් කළ හැකි වන සේ ශ්‍රම ඵලදායීතාව වැඩි කිරීම කෙරෙහිද අවධානය යොමු කළ වෘත්තීය සමිති නායකයකු වූ බවයි. 

2000දී ඇන්තනි පිල්ලෛ සිය යාමෙන් පසු ආපසු ලංකාවට පැමිණි කැරොලින් සිය පිය පරපුරේ බොරලු‍ගොඩ ගම් ප්‍රදේශයේ ජීවත් වූවාය.
Reblog this post [with Zemanta]

Comments

  1. ඇයට නිවන් සුව.

    ReplyDelete
  2. ලංකාවේ පැරණි වාමාංශික උත්සාහයන් හා වර්තමාන වාමාංශික උත්සාහයන් හි ප්රතිඵල අවසන් වන්නේ මෙසේදැයි සිතේ...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා