මාධ්‍ය කලාව මිලිටරිහරණය කිරීම

(2009 ජුලි 04) කලා සංස්කෘතික කටයුතු පිළිබඳ කාරණා මත ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පතක කතුවරයකු සහ විකල්ප ජනමාධ්‍ය කලාකරුවකු අතර ඇති වූ ගැටුමක් මාරාන්තික තත්වයට උත්සන්න වී තිබේ. එහිදී එම කර්තෘවරයා විකල්ප ජනමාධ්‍යකරුවාට තර්ජනය කර තිබෙන්නේ ඔහු ත්‍රස්තවාදයට උදව් කරන්නකු බව ආරක්ෂක ප්‍රධානියකුට කියා ඔහුට එරෙහිව පියවර ගන්නා බව කියමින් යයි විකල්ප මාධ්‍යකරුවාගේ පාර්ශ්වය කියයි. එම ජනමාධ්‍යවේදියා ආරක්ෂාව පතා යම් යම් පියවර ගනිමින් සිටියදී ඔහු රටින් පනින්නට යන බව දැන් අදාළ කතුවරයා සම්බන්ධ පුවත්පතක් මගින් හෙළිදරව් කර තිබේ. 

වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ ලේකම් පෝද්දල ජයන්ත මැර පිරිසක් විසින් පැහැරගෙන ගොස් පහර දුන් දවසේ මාධ්‍ය සංවිධාන නියෝජිතයන් සමග සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් අතර ඇති ප්‍රශ්න සාකච්ඡා කර විසඳා ගන්නා ලෙස යෝජනා කළ බව රාවය කර්තෘ වික්ටර් අයිවන් කියයි. එහෙත් එවැන්නක් සිදු වනු අපි නොදුටුවෙමු. දැන් මාධ්‍යකරුවෝ විවෘතවම අනෙකාගේ ලේ ඉල්ලා ලියති. 

පශ්චාත් යුද සමයේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැඟීමට කළ යුතු පළමු කාර්යය ජනමාධ්‍ය මිලිටරිහරණය කිරීම බව අපේ අදහසයි.

Comments

  1. උතුරේ සංවර්ධනය පිළිබ‍ද සොයාබලන විට යුද්ධයෙන් අවතැන් වූ පවුල් තවමත් නෑදෑ හතමිත්‍රාදීන්ගේ නිවෙස් වල ජීවත්වෙති.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා