අචේ සාම වැඩපිලිවෙළ හදාරන්න බැසිල් ඉන්දුනීසියාවේ

(ජුලි 03, 2009) සාමය ඇති කළ යුතු ආකාරය පිළිබඳ ඉන්දුනීසියාව සමග අත්දැකීම් බෙදාගැනීම සඳහා ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ ‍බදාදා සිට අචේ දේශයෙහි කරුණු සොයා බැලීමේ දෙදින චාරිකාවක යෙදුණු බව ජකර්තා පෝස්ට් පුවත්පත වාර්තා කරයි. 


අචේ නිදහස් ව්‍යාපාරයේ හිටපු සටන්කරුවන්ගේ සමාජ දේශපාලනික ප්‍රශ්න පිළිබඳ කටයුතු කරන අචේ නැවත එක් කිරීමේ ව්‍යූහය සමග රාජපක්ෂ සාකච්ඡා පැවැත්වීය. එහි නායක නූර් ජුලි පුවත්පතට පවසා තිබුණේ ලංකාව පශ්චාත් ගැටුම් සමයේ විශේෂයෙන්ම හිටපු එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් නැවත එක් කිරීමේ ගැටළුවලට මුහුණ දී සිටින බවයි. 


අචේ හා ලංකාවේ ප්‍රශ්න අතර සමානත්වයක් ඇති බව බැසිල් රාජපක්ෂ ජකර්තා පෝස්ට් පුවත්පතට කීය. එහෙත් 2004 සුනාමියෙන් පසු අචේ සාම වැඩපිළවෙල සාර්ථකව ඉදිරියට ගිය අතර ලංකාවේ සිදු වූයේ එහි අනෙක් පැත්තයි. 


ඉන්දුනීසියාව ලංකාවට සාමය පවත්වාගෙන යාම හා ජනයා නැවත එක් කිරීමේකටයුතු සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන බව නූර් ජුලි පුවත්පතට පැවසීය.




Reblog this post [with Zemanta]

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා