අනාථ කඳවුරුවල බෝවෙන රෝග ව්‍යාප්තිය මඬින්න සෞඛ්‍ය අංශ අවදියෙන්

ලක්ෂ දෙකහමාරකට අධික ජනගහණයක් තදබද වී ජීවත් වන උතුරේ සරණාගත කඳවුරුවල බෝවෙන රෝග ව්‍යාප්තිය මැඬලීම පිණිස සෞඛ්‍ය බලධාරීන් අවධානයෙන් සිටින බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පවසයි. මේ දක්වා වාර්තා වී ඇති ලොකුම වසංගතය පැපොල රෝගයයි. රෝගීන් 12,000ක් වාර්තා වී තිබෙන අතර මෑතක සිට එම සංඛ්‍යාව අඩු වෙමින් පවතින බවද, අලුත් රෝගීන් හමු වීම අඩු වී තිබෙන අතර, දිනකට රෝහග් ගත වන සංඛ්‍යාව මේ වන විට 40ත් 50ත් අතර බවද එක්සත් ජාතීන් පවසයි. ‍

බොහෝ පැපොල රෝගීන්ට එය වැළඳී ඇත්තේ අනාථ කඳවුරුවලට ඒමට පෙර බව රෝගීන් සමග වැඩ කරන වෛද්‍ය නිලධාරීන් විශ්වාස කරන බව වාර්තාව කියයි. වවුනියාවේ සෙංගමාල රෝගීන් වාර්තා වන සංඛ්‍යාවද අඩු වී තිබේ. ජුනි 12 වන විට වාර්තා වී තිබුණු සෙංගමාල රෝගීන් ගණන 2139කි.



ජුනි 18 දක්වා අතීසාර රෝගීන් 1060ක්ද, පාචන රෝගීන් 5000ක්ද හමු වී ඇති බව එක්සත් ජාතීන් පවසයි. 


ජුනි 19දා දක්වා මැලේරියා රෝගීන් වාර්තා වී තිබුණේ 26ක් පමණි. එහෙත් මැනික් ෆාම් කඳවුරේ කලාප අංක හතරෙන් ජුනි 18දා රෝගීන් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ සෞඛ්‍ය අංශ ඒ පිළිබඳ දැඩි ඇවධානය යොමු කර තිබෙන බව එක්සත් ජාතීන් පවසයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා