වත්මන් ආණ්ඩුවේ පස් වසර තුළ මාධ්‍යකරුවන් 34 දෙනෙකු ඝාතනය වේ


(2009 ජුලි 23, W3Lanka) වත්මන් ශ‍්‍රී ලංකාවෙහි ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය අහෝසි කර ඇති අතර ජනමාධ්‍යයට සහ ජනමාධ්‍යවේදින්ට පෙර නොවූ විරූ මට්ටමේ ස්වයං වාරණයක් පවත්වා ගෙන යාමට බල කෙරී ඇති බව විදෙස්ගත ජනමාධ්‍යවේදීන් විසින් මෑතදී පිහිටුවන ලද ‘ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ‘ සංවිධානය පවසයි. 

මෙම සන්දර්භය තුළ වත්මන් ආණ්ඩුවේ පාලන සමය තුළ ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 34දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බව ද මෙලෙස ඝාතනය වූ ජනමාධ්‍යවේදීන් අතුරින් සිංහල තිදෙනෙකු සහ මුස්ලිම් එක් අයකු හැරුණ විට අන් 30දෙනාම අයත්වන්නේ දෙමළ ප‍්‍රජාවට බව ද පවසයි.  මීට අමතරව ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍යසේවකයින් 10දෙනෙකු පැහැර ගෙන යන ලද බව ද වධ හිංසාවන්ට ලක්වීමෙන් බේරීම පිණිස 50දෙනෙකුට වැඩි ජනමාධ්‍යවේදීන් පිරිසක් විදේශ ගත වී ඇති බව ද එම සංවිධානය පවසයි.

එසේ විදෙස්ගත වූ මාධ්‍යවේදීන් දැනට සිටින රටවල් මෙසේ ය.
ඔස්ටි‍්‍රයාව 01,  ඕස්ටේ‍්‍රලියාව 03, කැනඩාව 03, ඩෙන්මාර්කය 01, ප‍්‍රංශය 12, ජර්මනිය 04, ඉන්දියාව 05, මලයාසියාව 01, නෙදර්ලන්තය 02, නේපාලය 02, නොර්වේ 02, ස්විස්ටර්ලන්තය 16, බි‍්‍රතාන්‍ය 10, ඇමෙරිකාව 02.

2004 අපේ‍්‍රල් සිට 2009 මාර්තු දක්වා ඝාතනයට ලක් වූ ජනමාධ්‍ය වෘත්තිකයින්ගේ ලැයිස්තුව (මෙම මාධ්‍යවේදීන්ගෙන් ඇතැමෙකුගේ මරණ පිළිබඳ චෝදනාව එල්ල වී ඇත්තේ කොටි සංවිධානයටයි - සංස්කාරක)

2004
1. අයියතුරෛ නඬේසන් - ජනමාධ්‍යවේදී / 31 මැයි
2. කන්දසාමි බාලනඩරාජ් - ලේඛක / අගෝස්තු 16
3. ලංකා ජයසුන්දර - ඡුායාරූප මාධ්‍යවේදී / දෙසැම්බර් 11

2005
4. ධර්මරත්නම් සිවරාම් - සංස්කාරක / අපේ‍්‍රල් 28
5. කන්නමුත්තු අර්සකුමාර් - මාධ්‍ය සේවක / ජූනි 29
6. රේලංගි සෙල්වරාජ් - ජනමාධ්‍යවේදිනී / අගෝස්තු 12
7. ඞී. සෙල්වරත්නම් - මාධ්‍ය සේවක / අගෝස්තු 29
8. යෝගකුමාර් කි‍්‍රශ්ණපිල්ෙලෙ - මාධ්‍ය සේවක / සැප්තැම්බර් 30
9. එල්.එම්.ෆලීල්-  ලේඛක / දෙසැම්බර් 02
10. කේ.නවරත්නම් - මාධ්‍ය සේවක/ දෙසැම්බර් 22

2006
11. සුබ‍්‍රමානියම් සුහීර්දරාජන් - ජනමාධ්‍යවේදී / ජනවාරි 24
12. එස්.ටී. ගනනාදන් - මාධ්‍ය ප‍්‍රධානී / පෙබරවාරි 01
13. බැස්ටියන් ජෝර්ජ් සගයදාස් - මාධ්‍ය සේවක/ මැයි 03
14. රාජරත්නම් රන්ජිත්කුමාර් - මාධ්‍ය සේවක / මැයි 03
15. සම්පත් ලක්මාල් ඩි සිල්වා - ජනමාධ්‍යවේදී / ජූලි 02
16. මරියදාසන් මනෝජන්රාජ් - මාධ්‍ය සේවක / අගෝස්තු 01
17. පත්මනාදන් විශ්මනාදන් - ගායන ශිල්පී සහ සංගීතඥ / අගෝස්තු 02
18. සතාසිවම් බාස්කරන් - මාධ්‍ය සේවක / අගෝස්තු 15
19. සින්නතම්බි සිවමහරාජා - මාධ්‍ය හිමිකරු / අගෝස්තු 20

2007
20. එස්.රවීන්ද්‍රන් - මාධ්‍ය සේවක / පෙබරවාරි 12
21. සුබ‍්‍රමානියම් රාමචන්ද්‍රන් - ජනමාධ්‍යවේදී / පෙබරවාරි 15
22. චන්ද්‍රබෝස් සුදාකර් - ජනමාධ්‍යවේදී / අපේ‍්‍රල් 16
23. සෙල්වරාසා රජීවර්මන් - ජනමාධ්‍යවේදී / අපේ‍්‍රල් 29
24. සහදේවන් නිලක්‍ෂන් - ජනමාධ්‍යවේදී / අගෝස්තු 01
25. අන්තෝනිපිල්ෙලෙ සෙරින් සිත්තිරාජන් - මාධ්‍ය සේවක / නොවැම්බර් 05
26. වඩිවේල් නිමලරාජා - මාධ්‍ය සේවක / නොවැම්බර් 17
27. ඉසෙයිවිලි චෙම්පියන් (සුභාජිනී* - මාධ්‍ය සේවිකා / නොවැම්බර් 27
28. සුරේෂ් ලිම්බියෝ - මාධ්‍ය සේවක / නොවැම්බර් 27
29. ටී. ධර්මලිංගම් මාධ්‍ය සේවක / නොවැම්බර් 27

2008
30. පරනිරූපසිංහම් දේවකුමාර් - ජනමාධ්‍යවේදී / මැයි 28
31. රශ්මි මොහොමඞ් - ජනමාධ්‍යවේදී / ඔක්තෝබර් 06

2009
32. ලසන්ත වික‍්‍රමතුංග - සංස්කාරක / ජනවාරි 08
33. පුන්නියමූර්ති සත්තියමූර්ති - ජනමාධ්‍යවේදී / පෙබරවාරි 12
34. සසී මදන් - මාධ්‍ය සේවක / මාර්තු 06



Reblog this post [with Zemanta]

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා