ඩෙංගු මදුරුවාට බැක්ටීරියා ප්‍රහාරයක්


මදුරු උවදුර මර්දනය කිරීම සඳහා Bti (Bacillus thuringiensis israelensis) නම් බැක්ටීරියාව ඇමරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කර භාවිතා කිරීම‍ට කොළඹ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

මේ වන විට ඩෙංගු උවදුර භයානක අන්දමින් රට පුරා පැතිරෙමින් ඇති අතර රෝගීන් සිය ගණනක් මිය ගොස් තිබේ.

මදුරුවන් බෝ වන තැන්වලට Bti බැක්ටීරියාව යෙදූ කල එහි බීජානු මගින් නිකුත් කරනු ලබන ප්‍රෝටීනයක් මදුරු කීටයාට අවශෝෂණය වී ඌ ආහාර නොගෙන දින කීපයකින් මිය යන බව goodbug.com වෙබ් අඩවිය පවසයි. හොඳ ප්‍රතිඵල සඳහා එය නිශ්චිත කාල වකවානුවකට වරක් දිගටම යෙදිය යුතුය. මෙම බැක්ටීරියාව මිනිසාට අහිතකර නොවන මුත් එය බොන වතුර සඳහා යෙදීමට නිර්දේශ කර නැත.

Comments

  1. අවුරුදු හතරකට පස්සේ මේ වැඩ පිළිවෙල ගැන මොකද කියන්න තියෙන්නේ?

    ඩෙංගු නම් දැන් නැත්තටම නැතිවෙලා ගිහින් නේ නේද?

    ReplyDelete
    Replies
    1. තවත් අවුරුද්දකට පස්සේ කියන්න තියෙන්නේ ඩෙංගී ලෙඩුන්ගේ සංඛ්‍යාව ආයෙත් වැඩි වී ඇති බවයි.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා