13ට පක්ෂව හා විපක්ෂව ආණ්ඩුව ඇතුළේ අලුත් යුද්ධයක්

රජය 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණව ක්‍රියාත්මක කිරීමට හෝ එය ඉක්මවා යන බලය බෙදීමකට යාමට උත්සාහ කළහොත් ජාතික හෙළ උරුමය රජයෙන් ඉවත් වන බවට නිල වශයෙන් අනතුරු ඇඟවීමක් පක්ෂයේ ප්‍රධාන ක්‍රමෝපාය විශේෂඥවරයා වන පරිසර ඇමති චම්පික රණවක ඊයේ නිකුත් කළේය.


මෙම වැදගත් අනතුරු ඇඟවීම විසින් පෙන්නුම් කරනු ලබන්නේ ජාතික හෙළ උරුමය රජයට සම්බන්ධ ඇමති තනතුරකින්, මන්ත්‍රී, පළාත් සභික ආදී තනතුරු කීපයකින් සෑහීමට පත් නොවී බල දේශපාලනය තුළ අභියෝවලට මුහුණ දෙමින් ඉදිරියට යාමට සූදානමින් සිටින බවයි.


මෙය හෙළ උරුමයේ ප්‍රධාන තරගකරුවා වන ජවිපෙටද අභියෝගයක් වේ. පසුගිය කාල පරිච්ඡේදයේදී ජවිපෙ දේශපාලන ගමන් මාර්ගය සලකුණු වූයේ චම්පික රණවක විසින් තෝරන ලද උපාය මාර්ග ඔස්සේ බව ප්‍රකට කරුණකි.


කොටි සංවිධානයේ පරාජයත් සමග රජය තුළ 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ හා විරුද්ධ වශයෙන් කණ්ඩායම් දෙකක් ප්‍රබලව ඉස්මතු වී තිබේ. 1987දී ඉන්දීය බලපෑම මත ක්‍රියාත්මක කරන ලද 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ 1988දී පළාත් සභා පිහිටුවන ලදී. එහෙත් ඉඩම්, පොලිස් බලතල වැනි පූර්ණ බලයක් තවමත් පළාත් සභාවලට ලබා දී නැත.


පළාත් සභා පූර්ණ ලෙස ක්‍රියාත්මක කරන ලෙස මෑතදී රජයේ ඉහළ පෙළේ දූත පිරිසක් ඉන්දියාවේ ඉහළ පෙළේ දූත සංචාරයක යෙදුණු අවස්ථාවේ ඉන්දියාව අවධාරණය කළ බව නිල නොවන ආරංචි මාර්ග පවසයි. රජයේ ඉහළම නායකයන් දෙමළ ජනයාට බලය බෙදීම කෙරෙහි එතරම් උනන්දුවක් නොදක්වනමුත් රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කරමින් ඒ පිළිබඳව නිහඬව සිටින බවද, රජයේ බලය බෙදීමට පක්ෂ හා විපක්ෂ කණ්ඩායම් අතර ගැටුම සිදු වීමට ඉඩ දී බලා සිටින බවද වාර්තා වේ.


හෙළ උරුමය‍ට අමතරව ජාතික නිදහස් පෙරමුණද 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව හඬ නැඟීම ආරම්භ කර තිබේ. එම පක්ෂය හා සම්බන්ධ දේශහිතෛෂී ජාතික පෙරමුණ විසින් ජුලි 07දා ‍කොළඹදී සම්මන්ත්‍රණයක්ද සංවිධානය කර තිබේ.


රජය තුළ මේ වන විටත් 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව බලවේග ඒකරාශී කිරීම සඳහා කටයුතු කෙරෙමින් තිබෙන බවද, ඇල්වතුර පවා නිවා බීමට පරිස්සම් වන බොහෝ ඇමතිවරු මේ පිළිබඳව නිහඬව පරීක්ෂාවෙන් සිටින බවද, දෙස් විදෙස් බලපෑම මත බලවත් වන පාර්ශ්වය අනුව ඔවුන්ගේ ස්ථාවරය තීරණය වීමට ඉඩ ඇති බවද සැළයි.


මේ අතර ජනාධිපතිවරයා විසින් බලය බෙදීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද සමසමාජ පක්ෂය නියෝජනය කරන විද්‍යා හා තාක්ෂණ ඇමති තිස්ස විතාරණගේ සභාපතිත්වයෙන් යුත් සර්ව පාක්ෂික නියෝජිත කමිටුව විසින් 13වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභා හා මධ්‍යම රජය අතර බලය බෙදී යන සමගාමී බලතල ලැයිස්තුව සංශෝධනය කර බල ව්‍යූහයන් දෙක අතර බලය නිශ්චිතව බෙදී යන ආකාරයක් ඇතුළු සංවර්ධනයන් රැසක් යෝජනා කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. ජාතික හෙළ උරුමයද මෙම කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කළේය.

2009 ජුනි 30

Comments

  1. විමල් චම්පික මේ රට වෙනස් වෙන්න දෙන්න එපා.
    මේ රටට 13 ත් එපා 17 කොහොමටත් එපා.
    13 පැත්තක තියමුකෝ.
    17 ගැන මොකද කියන්නෙ?
    17 ගෙනාවොත් මේ මජර ක්‍රමය වෙනස් වෙනවා.
    ඒ නිසා 17 එපා.
    මොකද මේ මජර ක්‍රමය වෙනස් වුනොත් අපිට රටක් නැති වෙනවා.
    අපි කියන්නෙ කාටද?
    විමල් චම්පික උදය කමල් තව ගොඩාක් අය

    ReplyDelete
  2. Paragraph writing is also a excitement, if you know after
    that you can write if not it is complex to write.


    Check out my web blog Euro Cardsharing Kings

    ReplyDelete
  3. හහ්, හහ්, හා!

    මෙන්න මේවා තමයි සදාහරිත ප්‍රවෘත්ති කියන්නේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා